කුසගිනි ඇති කෙනෙකුට බණ කියන්න එපා….

307

බුදුන් වහන්සේ එක් දුප්පත් මිනිසකු සුඛිත කරණු සදහා පන්සියයක් භික්ෂුන් සමග දොළොස් ගව්වක් දුර ගොස් අලව් නුවරට වැඩිය හ. ඒ නුවර වැස්සෝ බුදු පාමොක් මහා සංඝයා ගෞරවයෙන් පිළිගෙන උන්වහන්සේලා වෙනුවෙන් දවල් දානය පිළියෙල කළහ.

 එනුවර දුප්පත් මිනිසකු බුදුරදුන්ගෙන් බණ අසන්නට ඉතා කැමැත්තෙන් සිටියේ තම ගොනෙකු නැති වීම නිසා බණ අසන්නට නොගොස් ගොනා සොයන්ට ගියේය. බොහෝ වේලාවකට පසු ගොනා සොයා ගෙන අවුත් ගෙවත්තේ ගහක බැ`ද ප‍්‍රමාද වී වුවත් බණ අසන්ට යමි යි පිටත් විය. බුදුහු දන් වළ`දා අවසානයෙහි අර දුප්පත් මිනිසා එනතුරු දහම් නො දෙසා වැඩ සිටියහ. බඩසයින් පෙළමින් ආ ඒ මිනිසා දැක වළදා ඉතුරු වී ඇති දෙයින් යමක් ඔහුට කෑමට දෙන ලෙස දායකයින්ගෙන් කෙනෙකුට කීහ. ඔහු ඒ දුප්පතාට කෑම ටිකක් දුන්නේය. දුප්පතා ආහාර අනුභව කොට බුදුරදුන් වෙතට පැමිණ විට බුදුහු බණ කියන්නට පටන් ගත්හ. බණ ඇසු බොහෝ දෙනා මෙන්ම ඒ දුප්පතාද සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදු රදුන්ගේ මේ ක‍්‍රියාව දුටු ශ‍්‍රාවකයෝ පුදුමයට පත් වුහ. ඒ බව දැනගත් බුදුහු එය පුදුම විය යුත්තක් නොවන බවත් දොළොස් ගව්වක් මග ගෙවා එහි පැමිණියේ බණ අසනු ස`දහාම බවත් කුසගින්නේ සිටියකුට ඒ කුසගිනි නොනිවා බණ කීමෙන් ප‍්‍රයෝජනයක් නැති නිසා එසේ කළ බවත් වදාළහ. බුදුරදුන් ගේ කරුණා මහිමයක හැටි මෙයින් සිතා ගත හැකිය.

 ශාස්ත‍්‍රවේදී – * බුදුගල ජිනවංස හිමි

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment