කුසගිනි නිවන්නට ‘පොදු මුළුතැන්ගෙයක්’

401

ආර්ථික අර්බුදය හේතුවෙන් අසරණව සිටින පානදුර ප්‍රදේශයේ ජනතාවගේ කුසගිනි නිවන්නට පානදුර, නල්ලු‍රුව මැදවේල්ල සුබසාධක සමිතිය අගය කළයුතු වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

“පොදු මුළුතැන්ගෙය”‍ යන සංකල්පය යටතේ ඔවුහු සෑම ඉරිදා දිනකම ප්‍රදේශයේ දෙසීයකට ආසන්න පිරිසක් වෙනුවෙන් දිවා ආහාරය පිරිනමති.

සමිතියේ සාමාජිකයින් සහ පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු මේ සඳහා දායකත්වය දක්වන අතර, ගෑස් අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑමත් සමගින් මීට සති 13 කට පෙර ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑමට දැඩි කැපවීමක් දරනු ලබයි.සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රණීත, පිරිසිදු මෙන්ම උණුසුම් ආහාර වේලක් ලබාදීමට ඔවුන් කටයුතු කරයි.

කුසගිනි නිවන්නට 'පොදු මුළුතැන්ගෙයක්'

වැඩසටහනට දැවැන්ත ශක්තියක් වන ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වන සන්ධ්‍යා සල්ගාදු මෙන්ම ජනකාන්ත විතානආරච්චි, භූමිය ජලය සහ විදුලිය ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙමින් අරුණි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් මෙන්ම සහාය ලබාදෙන සියළු සාමාජිකයින්ගෞරවයෙන් සිහිපත් කරන බව සභාපති චන්දන පීරිස් මහතා අප සමග පැවසීය.

ආර්.ඒ.එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම සහ පානදුර දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment