කුසලධම්ම නාහිමි දේහය ආදාහනය අද

294

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) සිදු කිරීමට නියමිතය.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 1.30ට පමණ ආදාහන පූජෝත්සවය පැවැත් වේ.

පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙණේ තැන්පත් කර ඇති කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර දහවල් 12.30ට පමණ පිරිවෙණෙන් පිටත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර නුවර පාර, කැළණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය, ඉංග්‍රම් මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය, බන්ධනාගාර මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය, ඩී.එස් සේනානායක මංසන්ධිය, හෝර්ටන් විජේරාම මංසන්ධිය, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය, නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට නියමිතය.

ආදාහන පූජෝත්සව රථ පෙරහැර ගමන් කරන අවස්ථාවේ මාර්ග අවරහිරතා පැවතිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment