කුසල්ට ගුණතිලකට වසර දෙකක තහනමක් – දික්වැල්ලට වසර 1 1/2ක්… තිදෙනාටම ලක්ෂ 50 බැගින් දඩ

304

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුලට අදාළ නිර්දේශ උල්ලංඝනය කරමින් කි‍්‍රයා කළ බවට චෝදනා එල්ල වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක කි‍්‍රකට් තරග තහනමක් ද, නිරෝෂන් දික්වැල්ලට වසර 1 1/2 ක කි‍්‍රකට් තරග තහනමක් ද පැනවීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විනය කමිටුව නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
 
 ඊට අමතරව ඔවුන් තිදෙනාට ඇමරිකානු ඩොලර් 25000 (ලක්ෂ 50* බැගින් දඩයක් ද නිර්දේශ කිරීමට විනය කමිටුව පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 අදාළ තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උප නායකව සිටි කුසල් මෙන්ඩිස්, කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පසුගිය ජුනි 27 වැනිදා එංගලන්තයේ වෙස්ටර් ලී ස්ටී‍්‍රට් නුවරදී ජෛව ආරක්ෂිත බුබුල බිඳිමින් නගරයේ සැරිසැරීමේ චෝදනාවට ලක් වූහ.
 
 ඒ අනුව එංගලන්ත තරග සංචාරය අතරමඟ නැවත දිවයිනට කැඳවූ අදාළ කී‍්‍රඩකයින් තිදෙනාට තාවකාලික තරග තහනමක් පැනවූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණය පැවැත්වීම සඳහා පසුගිය 07 වැනිදා පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් පත් කරන ලදී.
 
 අනතුරුව දින 14ක නිරෝධායන කාලය නිමා කළ අදාළ කී‍්‍රඩකයින් තිදෙනා විනය කමිටුව විසින් ඉදිරිපත් කරන ලද චෝදනා පත‍්‍රවලට පිළිතුරු ලබාදී තිබූ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඒ පිළිබඳව සෑහීමකට පත් නොවීම මත ඊයේ (29 දා* සවස ඔවුන් විනය කමිටුව හමුවට කැඳවන ලදී.
 
 විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතගේ සහභාපතිත්වයෙන් යුත් එම පංච පුද්ගල විනය කමිටුව නීතිඥ පණ්ඩුල කීර්තිනන්ද, නීතිඥ අසේල රැුකව, නීතිඥ උචිත වික‍්‍රමසිංහ සහ විශ‍්‍රාමික මේජර් ජෙනරල් එම්. ආර්. ඩබ්. ද සොයිසා යන මහත්වරුන්ගෙන් යුක්ත විය.
 
 කි‍්‍රකට් ආයතනයේ දැනුම් දීම මත ඊයේ ප.ව. 2.00 ට පමණ කි‍්‍රකට් ආයතනයේදී විනය කමිටුව හමුවට පෙනී සිටි අදාළ කී‍්‍රඩකයින් තිදෙනා පැයක පමණ කාලයක් ප‍්‍රකාශ ලබාදී ඔවුන් සිදු කළ වරද පිළිගෙන ඇති බව ආරංචි මාර්ග දක්වයි.
 
 මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානියකුගෙන් ‘දිවයින’ කළ විමසීමකදී ඒ මහතා ප‍්‍රකාශ කළේ තවමත් තමන් එම නිර්දේශ දැක නැති බවයි. කි‍්‍රකට් විධායක කමිටුව නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡුා කර තීරණයක් ගන්නවා. ඒත් තවම අපි ඕවා දැකලා නැහැ. කි‍්‍රකට් ආයතනය ඔවුන් ලබාදෙන නිර්දේශයන් අහක දැමීමට කටයුතු නොකරන බවත් එම නිර්දේශ විධායක කමිටුව විසින් අනුමත කරනු ඇති බවට තමා විශ්වාස කරනවා යැයි ද ඒ මහතා කීය.
 
 අදාළ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් සකස් කරන ලද සහ නිර්දේශයන් ඇතුළත් වාර්තාව අද (30 දා* උදෑසන කි‍්‍රකට් ආයතනය වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.
 
 අදාළ නිර්දේශ මත කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට වසර දෙකක කාලයක් තුළ කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමට නොහැකි වනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 
– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment