කුසල්ලාගේ ලකුණුත් කඩුලූත් සමවෙයි

284

නායක කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම සහ උප නායක කුසල් මෙන්ඩිගේ කණ්ඩායම අතර පෙරේදා (16 දා) පැවැති පුහුණු තරගය කණ්ඩායම් දෙකේ ලකුණු සමවීමෙන් අවසන් විය.
 
 එංගලන්තයේ ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් උප නායක කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් රැුස් කළේය. උප නායක කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ද පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් රැුස් කිරීමට සමත් වූයේ පුහුණු සටන ලකුණු සමවීමෙන් නිමා වූ තරගයක් ලෙස නිමා වෙමිනි.
 
 කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 71 ක් ලැබූ රමේෂ් මෙන්ඩිස් ද, ඉසුරු උදාන සහ ඕෂධ ප‍්‍රනානදු ද ලකුණු 44 සහ 39 බැගින් පිළිවෙළින් ලබාගත්හ. අකිල ධනංජය සහ චාමික කරුණාරත්න කඩුලූ 3 බැගින් බිඳ හෙළු අතර කුසල් පෙරේරාගේ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 64 ක්, දසුන් ශානක ලකුණු 44 ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 ක් රැුස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී අසිත ප‍්‍රනාන්දු කඩුලූ 3 ක් ද, දුෂ්මන්ත චමීර සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම කඩුලූ 2 බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment