කුසල්, ධනුෂ්ක, දික්වැල්ල තරග තහනමින් නිදහස් වෙති

287

2021 වසරේ එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී ජෛව ආරක්‍ෂිත බුබුළට අදාළ නීති කඩකිරීමේ වරද මත වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්වූ ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකගේ තරග තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත.

තමන්ට පැනවූ අදාළ ජාත්‍යන්තර තරග තහනම ඉවත් කරන ලෙස එම කී‍්‍රඩකයන් තිදෙනා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට වරින් වර යොමු කරන ලද අභියාචනයන් සැලකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

ජාත්‍යන්තර තරග තහනමට අමතරව ඔවුන්ට මාස 6ක දේශීය තරග තහනමක් ද පැනවූ අතර ඊට අමතරව රුපියල් කෝටිය බැගින් දඩ මුදලක් ද ගෙවීමට නියම කෙරිණි. එමෙන්ම වසර දෙකක අත්හිටුවූ තරග තහනමක් ද ඔවුන්ට පනවා තිබිණි.

කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය සිදු කළ විනය කමිටුව නිර්දේශ කරන ලද්දේ වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් සහ ඩොලර් 25000 ක දඩයක් වුවත් එය වසරක තරග තහනමක් දක්වා අඩු කෙරිණි. එහෙත් ලක්‍ෂ 50 දඩය ලක්‍ෂ 100 ක් දක්වා වැඩි කෙරිණි. කෙසේ වෙතත් කි‍්‍රකට් ආයතනය ඊයේ ලබා දුන් තීන්දුවත් සමග ඔවුන්ගේ තරග තහනම වසරක් නොව මාස 7කට සීමා වී ඇත. මාස 06ක සිය දේශීය තරග තහනමෙන් අනතුරුව පැවති ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට මෙම කී‍්‍රඩකයන් තිදෙනාද කී‍්‍රඩා කළ අතර එහිදී මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් විය. කුසල් තරග 10කදී ලකුණු 327 ක්, ධනුෂ්ක ගුණතිලක තරග 12කදී ලකුණු 226 ක් ද නිරෝෂන් දික්වැල්ල තරග 10කදී ලකුණු 151 ක් ද ලබාගත්හ.

මේ අනුව කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල තිදෙනා ඉදිරියේදී නියමිත සිම්බාබ්වේ සමග එක්දින තරගාවලියට ද කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඞ් 19 ආරක්‍ෂක මාර්ගෝපදේශයන් බිඳ දැමීම, එම කි‍්‍රයාව මගින් එම සංචාරයට සම්බන්ධ කී‍්‍රඩකයන්ගේ, සෙසු සාමාජිකයන්ගේ සහ අනෙකුත් අයගේ ආරක්‍ෂාව අනතුරේ හෙළීම, කණ්ඩායම් කළමනාකාරීත්වයේ උපදෙස් සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් රාති‍්‍ර 10.30 වන විට හෝටල් කාමරයේ නොසිටීම සහ එවැනි කි‍්‍රයා මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට සහ රටට අපකීර්තියක් ගෙන ඒම යන චෝදනා යටතේ ඔවුන්ට දඬුවම් පැනවිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment