කුසල් පෙරේරාට කොරෝනා

288

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක කුසල්් පෙරේරාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (16 වැනිදා) මේ පිළිබඳ වාර්තා කර සිටියේය.

කුසල් පෙරේරා  පසුගිය එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද මග හැරී ගියේය. කෙසේ වෙතත් මේ වනවිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස තරගාවලියෙන්ද විවේක ගන්වා ඇති කුසල් පෙරේරා ආබාධ සුව වීමත් සමගින් නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් කුසල් පෙරේරාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහු එළඹෙන දකුණු අපි‍්‍රකානු තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩිදුරටත් වාර්තා කර සිටී.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment