කුසලානය රැක ගනීද? – ඩැහැ ගනීද? – 2021 LPL සටන අද

325

පළමු එල්පීඑල් තරගාවලියේ අවසන් මහා තරගය පවත්වා වසරකුත් සතියක් සපිරෙන අද (23 වැනිදා) දින එවර අවසන් මහා තරගයට කී්‍රඩා කළ කණ්ඩායම් දෙකම එම කුසලානය වෙනුවෙන් තරග වදින 2021 එල්පීඑල් අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී්‍රඩාංගණයේදී අද රාතී්‍ර 7.30 ට ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නායක තිසර පෙරේරා විසින් ද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නායක භානුක රාජපක්ෂ විසින් ද මෙහෙයවනු ලබති.

2020 එල්පීඑල් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ද 2020-12-16 දින සුදුසුකම් ලැබූ මෙම කණ්ඩායම් දෙක අතරින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම, ශ=රතාවය ජයග්‍රහණය කළ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අනුශ=රතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

එම අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු යාපනය කණ්ඩායම ලකුණු 188 ක් රැස් කළ අතර භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. අවසන් තරගයේ වීරයා සම්මානය යාපනය කණ්ඩායමේ ෂොයෙබ් මලික්ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය ද යාපනය කණ්ඩායමේ වනිදු හසරංග ද සිල්වාට හිමි විය.

එවර මෙන්ම මෙවර ද කණ්ඩායම් 5 ක් තරග වැදුණු 2021 එල්පීඑල් තරගාවලියේ මෙවර පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානය හිමි කර ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එහිදී සහභාගි වූ තරග 8 න් තරග 6 ක් ජය ගත් අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 8 න් තරග 4 ක් ජය ගෙන තිබිණි.

දෙවෙනි වටයේ පළමු තරගයෙන් ද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ පරාජය ලැබීමත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔවුන් හමුවේ එක දිගට ලත් තෙවැනි පරාජය එය වූ අතර ඔවුන් මෙවර තරගාවලිය තුළදී පරාජයට පත් වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ පමණක් වීම ද විශේෂ සිද්ධියකි.

කෙසේ වෙතත් තමන් හමුවේ එක දිගට තෙවරක් පරාජය ලැබුවත් ප්‍රතිවාදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අඩු තක්සේරුවට ලක් නොකරන බව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ සඳහන් කර සිටියේය.

අද තරගය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ භානුක රාජපක්ෂ, zzඔවුන් අපි හමුවේ එක දිගට තරග 3 ක් පරාද වුණා තමයි. ඒත් අපි ඔවුන් දෙස සැහැල්ලූවෙන් බලන්නෙ නැහැ. අපේ කණ්ඩායම මානසිකව ශක්තිමත්ව ඉන්නවා. අවසන් මහා තරගයකට සුදුසු ලෙස අපි මනස හදා ගෙන තිඛෙනවා. පන්දු යවන්නෙකු ලෙස නුවන් තුෂාරගේ දක්ෂතා ඉහළයි. ඔහු සැලැස්මකට අනුව පන්දු යවනවා. අවසන් කණ්ඩායම තෝරා ගැනීම අවසන් පුහුණු සැසියෙන් පසුව සිදු කරනවා.ZZ

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් හොඳින් ලකුණු අතර සිටින අතර ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 121 වාර්තාගත සබඳතාවය බිඳ දැමීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පෙරේදා (21 වැනිදා) සමත් වූහ.

අවිශ්ක ප්‍රනාන්දු සහ රහමුදුල්ලා ගුබ්රාස් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් පිහිටුවමින් නව වාර්තාවක් බිහි කළ අතර එය එල්පීඑල් ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවය වේ.

දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට ද එහිදී අවිශ්ක ප්‍රනාන්දු පත් වූ අතර, එම ඉනිම ප්‍රධාන කොට දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 23 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ පෙරේÞ (21 දා) රාත්‍රියේදී සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලූ 4 කට ලකුණු 211 ක අභියෝගයක් දඹුල්ල ජයන්ට්ස් පිල හමුවේ තැබූ අතර එය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලූ 9 ක් දැවී දඹුල්ල ජයන්ට්ස් පිලට රැස් කර ගත හැකි වූයේ ලකුණු 187 ක් පම‚.

චාමික කරුණාරත්න පන්දු 47 කදී වේගවත් ලකුණු 75 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු දායකත්වය නොමැතිවීම නිසා චාමිකගේ ඉනිම ද පරාජයේ පරතරය අඩු කිරීම හැර වෙනත් බලපෑමක් සිදු නොකළේය. මෙය චාමිකගේ විස්සයි-20 තරග දිවියේ පළමු අර්ධ ශතකය ලෙසින් සටහන්වීම කැපී පෙනෙයි. මෙය දඹුල්ල පිතිකරුවකු මෙවර තරග වාරයේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අතර මීට පෙර පිල් සෝල්ට් (62) ඉහළම ලකුණුලාභියා බවට පත්ව සිටියේය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, ෙජ්ඩ්න් සීල්ස් සහ තිසර පෙරේරා දඹුල්ල පිලේ කඩුලූ 2 බැගින් බිඳ හෙළීමට සමත් වූහ.

ජැෆ්නා කිංග්ස් පිල රැස් කර ගන්නා ලද ලකුණු 210 න් ලකුණු 170 ක්ම ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ රාමනුල්ලා ගුර්බාස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය.

අවසන් පන්දුවාරයේදී ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමඟ එල්.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා මෙන්ම එල්.පී.එල්. තරග ඉතිහාසයේ එවැනි දස්කමක් කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමට ද අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. පන්දු 64 කදී වාර්තා වුණු අවිශ්කගේ ලකුණු 100 ක ඉනිමෙන් ලකුණු 64 ක්ම හයේ (6«4) සහ හතරේ පහර (4«10) වලින් රැස් කරන ලද ලකුණු විය.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලද එම ජයග්‍රහණයෙන් පසුව නැවත මානසිකත්වය ශක්තිමත් වී ඇති ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ තරගය ජය ගැනීම සඳහා තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවය. පසුගිය එල්පීඑල් තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා වූ ෂොයෙබ් මලික් ද එම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ අතර සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුව පැවැත්විණි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment