කුසලානේ කඳුළු පිරේ – ප්‍රේක්ෂකයන්ගේ සතුට වැඩි වී අයෙක් මරුට – 5කට බරපතලයි

351

ක්‍රීඩකයන්ගේ බස් රථයට පනින්නට සැරසෙන ප්‍රේක්ෂකයෙක්
ආර්ජන්ටිනා කණ්ඩායම වසර 36 කට පසුව ලබා ගත් පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට ගිය ප්‍රේක්ෂකයන් අතරින් එක් අයෙකු මියගොස් වයස අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු තවත් පස් දෙනෙක් සිදු වූ අනතුරුවලින් කෝමා තත්ත්වයට පත්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.

කුසලානේ කඳුළු පිරේ - ප්‍රේක්ෂකයන්ගේ සතුට වැඩි වී අයෙක් මරුට - 5කට බරපතලයි
පොලිස් පලවා හැරීම් මත දිව යන මවක් සහ දරුවන් දෙදෙනෙක්

ඒ අතර සුළු තුවාල ලැබූ පිරිස සිය ගණනක් ඉක්ම වන බව ද එම වාර්තාවල සඳහන් වේ.

ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම ගුවන් තොටුපළේ සිට විවෘත බස් රථයකින් ගමන් කරමින් එරට ප්‍රේක්ෂක ජනතාවගේ ආචාරය පිළිගැනීමට කටයුතු කර තිබුණි.

එහෙත් ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයන්ගෙන් පිරිසක් දැඩි ආවේගකාරී ලෙස හැසිරීම මත පොලිසිය සිය අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට කටයුතු කළ ද ඒ අතරින් පිරිසක් පොලිස් ජීප් රථයක් ද පැහැර ගැනීමට කටයුතු කර තිබුණි.

එසේම ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම ගමන් කරමින් තිබූ බස් රථයට පාලමක් මත සිටිමින් ප්‍රේක්ෂකයෝ බස් රථයට පැනීම මත සහ ආවේගශීලී ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම් එන්න එන්නම දරුණු අතට පත්වීමේ හේතුවෙන් ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම බස් රථයේ යෑම නතර කර ගුවන් යානයකින් ගමන් කිරිමට කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් ප්‍රේක්ෂකයන් ලක්ෂ සංඛ්‍යාවකට සිය ජයග්‍රාහී ක්‍රීඩකයන් දැක බලා ගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරුණු බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර සිටී.

ජයග්‍රහණය සැමරීම පිණිස වහලයක් මත උඩ පනිමින් සිටි 24 හැවිරිදි ප්‍රේක්ෂකයකු මෙම සිද්ධීන් අතරතුර මියගොස් තිබේ. එම වහලයේ තාවකාලික යොදා තිබූ ප්ලාස්ටික් සීට් එකක් මත වැරදීමකින් අඩිය තබා එය කඩා වැටීමෙන් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment