කුස්වල ඉන්ධන පෝළිමේ මරණයක් – “මට මහන්සියි.. මට අමාරුයි”

541

සීදූව, රද්දොල්ව, කුස්වල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉකුත් 13 වැනිදා ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටි පුද්ගලයකු එම පෝළිමේ සිටියේ දී ම සිසුන්ව ඇදවැටී මියගොස් ඇති බව සීදූව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරකු වන සීදුව ලියනගේ මුල්ලෙහි පදිංචි 63 හැවිරිදි ජයකොඩි ආරචිචිලාගේ සරත් නිමල් අප්පුහාම් නමැති අයෙකි.

ඔහු කුළී ගමනක් යන අතරමග දී තම ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා දැඩි වෙහෙසක් ගෙන මීටර්

ගණනාවක් තම ත්‍රීවිලරය අතින් තල්ලු කරමින් පැමිණ දීර්ඝ තෙල් පෝළිමට එක්වී ඇති බවත් එහිදී “මට.. මට මහන්සියි.. මට අමාරුයි” යැයි පවසමින් පෝළිමේ දී ඇදවැටී ඇති බවත් පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනවල දී හෙළිවී ඇත.

ඉන්ධන පෝළිමේ දී ඇදවැටුණු පුද්ගලයා සීදුව පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමට ගෙනයමින් සිටින විට මියගොස් සිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන කටයුතුවල දී හෙළිවී ඇත.

සීදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සීදූව පොලිසියේ නිලධාරී පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති. මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව මෘත ශරීරාගාරයේ තබා ඇත.

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment