කුස්වල වෙද හාමුදුරුවෝ අපවත් වෙති

370

කුස්වල කොටරූපේ පුෂ්පාරාම උභය විහාරාධිපති මහාඇලගමුවේ ලංකානන්ද නාහිමියෝ (කුස්වල වෙද හාමුදුරුවෝ) ඉකුත් 27 වැනිදා අපවත් වූහ.

 අපවත් වනවිට 84 වැනි වියේ පසු වූ උන්වහන්සේ දේශීය වෛද්‍ය විශාරද, ආයුර්වේද වෛද්‍ය චක්‍රවර්ති, ශ්‍රී විද්‍යාපති මෛත්‍රී භූෂණ, ශාසන කීර්ති, පණ්ඩිත යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා ඇත.

 අද (29දා) පස්වරු 2.00ට මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කර කුස්වල කනිෂ්ඨ විද්‍යාල භූමියේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට දායක සභාව කටයුතු යොදා ඇත.

 ආනන්ද නිශ්ශංක – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment