කූරගල පුදබිම ඉදිකිරීමට ඉහළ දායකත්වයක්

1482

කහවත්ත – සමරවීර නිරෝෂණ

 බලංගොඩ ඓතිහාසික කූරගල පුද බිමෙහි ඉදිකෙරෙන චෛත්‍යයෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට බැතිමතුන්ගේ විවිධ දායකත්වයන් මත සිදු වෙමින් පවතී.

 මහරහතන් වහන්සේලා වැඩ සිටියේ යැයි සැලකෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ඉහළ කූරගල පුදබිම දීර්ඝ කාලයක් තිස්සේ බොදු බැතිමතුන්ගෙන් ද දුරස්ව පැවතිණි.

 කූරගල යළි බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් කිරීම සඳහා ධාතු මන්දිරයක්, චෛත්‍යයක්ද මේ වන විට ඉදි වෙමින් පවතී.

 ඒ සඳහා දෙස් විදෙස් ධන පරිත්‍යාගයෙන් මූල්‍ය දායකත්වයද, ශ‍්‍රම දායකත්වයද ලැබී තිබේ.

 සබරගමු ආණ්ඩුකාරවරයා එහි ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිබඳ නිරීක්ෂණයට එක්විය.

 එහිදී සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් කූරගල පුද බිම සංවර්ධනය සඳහා මූල්‍ය පරිත්‍යාගයන්ද සිදු කරනු ලැබීය.

 ඊට අමතරව කූරගල පුදබිමේ ශ‍්‍රම දායකත්වය ලබා දෙන බැතිමතුන් වෙනුවෙන් වියළි ආහාර තොගයක් ද සබරගමු ආණ්ඩුකාරවරයා විසින් ප‍්‍රදානය කෙරුණි. පුරාවිද්‍යා සහ වන සම්පත් දෙපාර්තුමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ අනුමැතිය යටතේ කූරගල පුදබිම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment