කෘතහස්ත චිත්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ අවසන් කටයුතු හෙට

380

අභාවප්‍රාප්ත කෘතහස්ත චිත්‍ර ශිල්පී ගුණසිරි කොළඹගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (ඉරිදා) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

මෙරට දැන්වීම් ප්‍රචාරක කලාවේ නිර්මාණාත්මක පෙළහරක පුරෝගාමියා වූ හෙතෙම ප්‍රචාරක දැන්වීම් කලාව වෙනම කලාංගයක් බවට පත් කළ චිත්‍ර ශිල්පියකු ද වන්නේය.

උපාලි සමූහ ව්‍යාපාරය වෙනුවෙන් උපාලි ලෝගුව නිර්මාණය කරන්නට දායකත්වය දුන් ඔහු ඩෙල්ටා ටොෆි සඳහා ‘චුට්ටයි චුට්ටියි’ දැන්වීම ද නිර්මාණය කළේය. සිංහල ප්‍රචාරක දැන්වීම් කලාවට සිංහල ‘ලෙට්‍රාසෙට්’ අකුරු නිර්මාපකයා වූයේද කොළඹගේ මහතායි.

අවසන් බුහුමන් පිණිස දේහය අද සෙනසුරාදා (08) 10.00 සිට ඉරිදා සවස 3.30 දක්වා බොරැල්ල ‘රෙස්ට්පෙක්ට්’ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment