කෘෂිකර්මයට ලෝක බැංකු අධාර

133


ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

පසුගියදා මෙරටට පැමිණි ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක ජෝන් කෙයිසර් මහතා කෘෂි විද්‍යාඥ කරීෂ්මා වොෂ් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් මෙරටට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් කළ ඉල්ලීම ඒ අනුව මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිස එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මේ යටතේ කෘෂි අංශ නවීකරණ ආදර්ශ ගම්මාන දිස්ත්‍රික්ක 25 තුළම විවිධ බෝග වර්ග ඉලක්ක කර ගනිමින්ල ආරම්භ කෙරේග එමෙන්ම අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් ආදර්ශ ගම්මානයක් දල මඩකලපුව සහ සෙවනගල ප්‍රදේශවල අපනයනය ඉලක්ක කර ගත් කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති දෙකකුත් ආරම්භ කිරීමට නියමිතයග මෙම කටයුතු ඉදිරි මැයි මාසය තුළම ආරම්භ කිරීමට කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය දැනටමත් සැලසුම් කර ඇතග

advertistmentadvertistment
advertistmentadvertistment