කෘෂිකර්මයේ අනාගතය දාහතරේ කල්ලියකට භාරදීලා- සජිත් කියයි

112

හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කොට ඇති නමුත් එහි සාමාජිකයන් දාහතරක් සිටින අතර කෘෂිකර්මාන්තය සම්බන්ධව ප‍්‍රවීණයන් හෝ විශේෂඥයන් කිසිවෙක් එහි නැති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

අදාළ කාර්ය සාධක බළකායෙන් දෙනු ලබන නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් වෙන්කොට ඇති බව පැවසූ විපක්‍ෂ නායකතුමා විශේෂඥයන් නොවන කාර්ය සාධක බළකායක් වෙත මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වෙන් කළේ ඇයි දැයි විපක්‍ෂ නායකවරයා ප‍්‍රශ්න කළේය.

14 දෙනකුගේ කල්ලියකට මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳ තීන්දු තීරණ ගත හැකි දැයි ප‍්‍රශ්න කළ විපක්‍ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයට කෘෂිකර්මාන්තය පිළිබඳව කිසිදු දැක්මක් ඇතුළත් කොට නැති බවද පැවසීය.

ආණ්ඩුව ඉදිරිපත් කළේ කිසිසේත්ම සංවර්ධනාත්මක අයවැයක් නොවන බවත් ජනතාව දිනවන්නට ආ ආණ්ඩුව අද පෝලිම් යුගයක්ම නිර්මාණය කරමින් රට ආපස්සට රැුගෙන යමින් සිටින බවත් ඒ මහතා පැවැසීය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (13දා* පොල්ගහවෙල පැවැති සමගි ජන බලවේගය උද්ඝෝෂණයට සහභාගි වෙමිනි. රටේ පවත්නා ප‍්‍රශ්න වලට කිසිදු විස`දුමක් නැති අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති බවත් ආණ්ඩුවේ ගෝලබාලයන්ට සහ හිතවතුන්ට කොමිස් ලබාගැනීමෙන් මංපෙත පමණක් ආණ්ඩුව විවර කොට ඇති බව කී ඒ මහතා කෘෂිකර්මයේ දියුණුවට පර්යේෂණ සංවර්ධන කටයුතු උදෙසා මුදල් වෙන් කළයුතු වුවත් ආණ්ඩුව ඒ සඳහා කිසිදු මුදලක් වෙන් කොට නැති බවත් පැවැසීය.

ආණ්ඩුව විශ්වාස කරන්නේ විiාව වෙනුවට මිත්‍යාව බව පැවසූ විපක්‍ෂ නායකවරයා ඒ හරහා මේ රට මහත් ප‍්‍රපාතයකට තල්ලූ කොට ඇතැයිද පැවැසීය.

මහලොකුවට වගා හානි වලට වන්දි ලබාදෙන බවට ගොවීන්ට පොරොන්දු වූ ආණ්ඩුව මේ අයවැයෙන් ඒ සඳහා සත 5 ක ප‍්‍රතිපාදනයක් වෙන් කොට නැතැයිද පැවසූ විපක්‍ෂ නායකවරයා එදත් අදත් හෙටත් ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව ඇන්දවීම බවද පැවැසීය.

මෙය ප‍්‍රශ්න විසඳන අයවැයක් නොවන බව පැවසූ විපක්‍ෂ නායකතුමා ඒ වෙනුවට ප‍්‍රශ්න ඇති කරන අයවැයක් බව පැවසූ අතර පොහොර ප‍්‍රශ්නයට, අස්වනු අඩුවීමේ ප‍්‍රශ්නයට, විසඳුමක් නැතිවා මෙන්ම ආහාර සුරක්‍ෂිතතාවය සම්බන්ධවද කිසිදු විසඳුමක් නැති බව පැවැසීය.

අකිත පෙරේරා, සුනිල් සුදසිංහ – පොල්ගහවෙල

advertistmentadvertistment
advertistmentadvertistment