කෘෂිකර්ම අපනයන ආදායමේ සියයට 17.4 ක වර්ධනයක්

133

මේ වර්ෂයේ (2021) පළමු මාස හතේදී ශ‍්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්ම අපනයන ආදායම ගිය වසරේ (2020) පළමු මාස හතට සාපේක්ෂව සියයට 17.4 කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වර්ෂයේ (2020) පළමු මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1300.1 ක් වූ සමස්ත කෘෂිකර්ම අපනයන ආදායම මේ වර්ෂයේ (2021) පළමු මාස හතේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1526 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

සමස්ත කෘෂිකර්ම අපනයන වර්ධනය සඳහා ප‍්‍රධාන වශයෙන් තේ, පොල්, රබර් සහ කුළුබඩු සහ මුහුදු ආහාර අපනයන ආදායම් වර්ධනය වීම හේතු වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment