කෘෂිකර්ම අපනයන ආදායම 14.3% කින් ඉහළට

148

ගිය වසරේ (2021) පළමු මාස දහයේදී කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 14.3 කින් වර්ධනය වී ඇත.

මේ අනුව 2020 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1949.9 ක් වූ මුළු කෘෂිකාර්මික අපනයන ආදායම 2021 වසරේ මුල් මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2228.3 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සඳහා තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1096.1 ක් දක්වා සියයට 6.2 කින් ද, රබර් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 35.6 ක් දක්වා සියයට 59.8 කින් ද, පොල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 353.1 ක් දක්වා සියයට 21.8 කින් ද කුළුබඩු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 364.5 ක් දක්වා සියයට 36.7 කින් ද වර්ධනය වෙමින් දායක වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment