කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගොවිපළේ උත්සවයට බස් එකේ ගිහින්…!  

812

ඉන්ධන අර්බුදය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා 16 වැනිදා ගාල්ල, වලහන්දූව ආදර්ශ ගොවිපළේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පුද්ගලික බස් රථයකින් ගාල්ලට පැමිණියේය.

කොළඹ සිට බස් රථයකින් පැමිණි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පින්නදුව – දෙවට පිවිසුම් මාර්ගයේ වලහන්දූව

ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලින් බසයෙන් බැස ගොවිපළේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී විය. කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයා පිළිගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂක සමන් ජයසේකර යන මහත්වරු එක්ව සිටියහ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment