කෘෂිකර්ම ඇමැතිගේ අවසන් නිල රාජකාරිය

440


ඉන්දීය ණය ආධාර වැඩ සටහනක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන මෙ. ටොන්. 65,000ක යුරියා පොහොර තොගයේ පළමු කොටස වන පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් සහිත පොහොර නෞකාව ඊයේ පෙරවරු 11.00ට කොළඹ වරායට ළඟාවූ අතර එම පොහොර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දීම අද පෙරවරුවේ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේ දී සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහා විසින් යුරියා පොහොර තොගයට අදාල ලිපි ලේඛන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.මෙය කෘෂිකර්ම ඇමැතිවරයාගේ අවසන් නිල රාජකාරිය විය.ඒ මහතාද සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment