කෘෂිකර්ම ඇමැතිගේ ප්‍රකාශය ප්‍රයෝජනයට ගෙන හාල් මාෆියාවක් ගොඩනගලා

82
  • නාමල් කරුණාරත්න

කෘෂිකර්ම ඇමැතිවරයාගේ ප්‍රකාශය ප්‍රයෝජනයට ගනිමින් මෙරට බත් කන ජනතාව ‘ගොදුරු’ කර ගැනීමේ වැඩපිළිවෙළ ‘හාල් මාෆියාව’ මේ මොහොතේ තමන්ගේ අතට ගනිමින් පසුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) සඳහන් කළේය.

පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් බඳු වූ ඇමැතිවරයාගේ ‘පිටරට විස සහල්’ කතාව නිසා නුදුරේදීම හාල් කිලෝව රුපියල් 300 යේ සීමාව ද ඉක්මවා යනු ඇතැයි හෙතෙම අනතුරු අඟවා සිටියේය.

විදේශයන්ගෙන් ගෙන්වා මෙරට ජනතාවට ආහාර සඳහා ලබා දුන් සහල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 6 ක වස අඩංගු බවට කෘෂිකර්ම ඇමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ඇත්ත නැත්ත හෝ ආණ්ඩුවේ පැහැදිලි තීන්දුව ජනතාව වෙත ඉක්මනින් ලබාදිය යුතු බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේ ද කීවේය.

කෘෂි ඇමැති මහින්ද අමරවීර මහ මෝල්කාරයෝ එක්ක ඩීල් ද නැද්ද, කින්ද මන්ද කියලා අපි හරියට දන්නේ නැහැ. නමුත් මේ කියමන හරහා ගොවියා අසරණ කර ජනතාව බියවැද්දූ බව ඉතාමත් පැහැදිලියි. වස විසෙන් තොර ආහාර ජනතාවට දෙන්න ආපු ආණ්ඩුවක් ටොන් ගණන් වස ජනතාවට කවාවි ද කියන එකට උත්තර දිය යුත්තේත් ආණ්ඩුවමයි. ඒක එහෙම නම් මේ ආණ්ඩුව වහාම
ජනතාවගෙන් සමාව ගත යුතුයි.

මේ ආණ්ඩුවට මහ මෝල් හිමි හාල් මාෆියාවට මූණ දෙන්න හාල් හෝ වී සංචිත නැහැ. කෘෂිකර්ම ඇමැතිවරයාම මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ අන්න ඒ පසුබිම මැද.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment