කෘෂි අර්බුදය විසදන්න ආචාර්ය මහාචාර්යවරු 141ක් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලති

192

කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රය තුළ වර්තමානයේ උද්ගතව තිබෙන අර්බුද විසඳීම සඳහා කාර්යක්‍ෂම වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවස්ථාව සලසන මෙන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 141 දෙනක් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් භාරදුන්හ. එම ලිපියේ මෙසේද දැක්වේ.

පසුගිය වකවානුවේ ජනාධිපතිවරයාට ඉතාමත් සමීපව උපදෙස් දුන් ඇතැමෙකු කෘෂිකර්ම විෂයට අදාළ මූලික සිද්ධාන්තයන් සියල්ල නොදැන හෝ නොසලකා මෙම උපදෙස් ලබා දී ඇති බව අප හට ඉතා පැහැදිලි ය. එමෙන්ම මෙයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඇතැමෙක් තමන්ගේ ඇඟ බේරාගැනීමේ ආකල්පය අනුගමනය කරමින්, ජනාධිපතිතුමා සතුටු කිරීමේ අභිප‍්‍රායෙන් පමණක් හරි වැරදි සියල්ලටම එකඟතාවය පළකිරීම මත මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය නිවැරදි ක‍්‍රමවේදය ගොඩනැඟීමට අසමත් වී ඇත. වර්තමාන රජයේ අරමුණු යථාර්ථවාදීව සාක්ෂාත් කරගනු පිණිස ලෝකයේ වෙනත් රටවල්වල සාර්ථක අත්හදාබැලීම් සහ අප රට තුළ කාබනික වගාවන්ට ඇති සැබෑ විභවයන් සහ ඊට අදාළ නවතම තාක්‍ෂණයන් සංකලනය කරමින් කාර්යක්‍ෂම ක‍්‍රියාකාරී වැඩපිළිවෙළක් යෝජනා කිරීම අපගේ අභිලාසය වේ.

මෙම වැඩපිළිවෙළ ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කොට ඒ පිළිබඳව එතුමා සමඟ සාකච්ඡුා කිරීම සඳහා අපගේ නියෝජිතයන් පිරිසකට අවස්ථාව සලසා දෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

චමින්ද සිල්වා සහ සමන්ති විරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment