කෘෂි ආහාර සැකසුම් සඳහා තාක්ෂණික විසඳුම් ‘Saviru Technology and Services’ වෙතින්

369

කෘෂි-ආහාර සැකසුම් අංශයේදී ආහාර වියළීමේ තාක්ෂණය බහුලව භාවිතා වේ. වැඩිදියුණු කරන ලද වියලීමේ තාක්ෂණයන් ආහාර නාස්තිය වැළැක්වීම, මුදල් ඉතිරි කිරීම සහ තවදුරටත් අගය එකතු කිරීම සඳහා අවස්ථාවන් සපයයි. කෘෂි-ආහාර සැකසුම් අංශයට, උසස් වියළන තාක්ෂණයන් සහ විශේෂිත අවශ්‍යතා, සැලසුම් සහ වියළුම් නිෂ්පාදනය අවබෝධ කර ගැනීම සඳහා වෘත්තිකයන් අවශ්‍ය වේ. මාතලේ, උකුවෙල‘Saviru Technology and Services’ යනු වෙළෙඳපොළ ඉල්ලූ‍මට අනුව සුදුසු වියලීමේ තාක්‍ෂණික විසඳුම් සපයන එවැනි ව්‍යාපාරයකි.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන කපිල වීරතුංග විසින් පශ්චාත් නිෂ්පාදන සහ අස්වනු පාඩු අවම කිරීම සඳහා වියලන සහ විජලනය කරන උඳුන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මේ හරහා කුඩා ව්‍යාපාර සහ පාරිභෝගිකයන් හට එක ස්ථානයකින් තමන්ට අවශ්‍ය විජලනය කරන උඳුන් නිෂ්පාදනය කරවා ගැනීමට අවස්ථාව උදාවී ඇත.

මෙහි පාරිභෝගික අංශය සමන්විත වන්නේ කෘෂි සැකසුම් අංශය, කුළුබඩු වටිනාකම් දාමයන්, පලතුරු, ධාන්‍ය, එළවළු, කජු සහ තෙල් වැනි ශාකසාර සහ ආහාර සැකසුම් අංශවලට සම්බන්ධ ව්‍යාපාරවලින්ය. දැව, තෙල් හෝ විදුලිය භාවිතා කරන වියළන යන්ත‍්‍ර නිෂ්පාදනය, වියළන සේවා සැපයුම සහ නඩත්තුව මෙම ව්‍යවසාය විසින් පිරිනමනු ලබන ප‍්‍රධාන නිෂ්පාදන සහ සේවාවන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment