කෘෂි රසායන අලෙවි සල් බොහොමයක් පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී නෑ – ජාතික විගණන කාර්යාලය

182

පළිබෝධ ගැටලූවලට ගොවීන් උපදෙස් ගන්නේ පුහුණුවක් නැති අලෙවි කරුවන්ගෙන්

පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ලබාගත් විධිමත් සහතිකයක් යටතේ පළිබෝධ නාශක අලෙවි කටයුතු සිදුවිය යුතු වුවද” 2018 වන විට දිවයින පුරා පළිබෝධ නාශක අලෙවි සැල් 2294 ක් අතුරින් අලෙවි සහතික ලබා ගෙන තිබූ වෙළෙඳ සැල් ප‍්‍රමාණය 1079 ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

පළිබෝධනාශක අලෙවිකරුවන් බහුතරයකට පළිබෝධනාශක සම්බන්ධ විධිමත් පුහුණුවක් ලබාදී නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එසේ විධිමත් පුහුණුවක් නොමැති පළිබෝධ නාශක අලෙවිකරුවන් මගින් ගොවීන් පළිබෝධ ගැටලූ හා පළිබෝධ නාශක පිළිබඳ උපදෙස් ලබා ගන්නා බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

2019 වර්ෂයේ සැප්තැම්බර් 30 දින වනවිට කල්ඉකුත්වු පළිබෝධ නාශක ද්‍රව ලීටර් 2057 ක් හා ඝන ආකාරයේ කිලෝග‍්‍රෑම් 24153 ක් දීර්ඝ කාලයක සිට අනාරක්ෂිතව ගබඩා කර තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. රාජ්‍ය අංශයට අයත් ගබඩා කිහිපයක ගබඩාකොට ඇති මෙකී කල්ඉකුත්වු පළිබෝධනාශක පරිසර හිතකාමී ලෙස අපහරණය කිරිමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි‘ එමෙන්ම අම්පාර කළුතර මාතර ගම්පහ කුරුණෑගල පුත්තලම නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ගොවීන් පරිසරයට හා මානව සෞඛ්‍යයට හිතකර ආකාරයට පළිබෝධනාශක භාවිතය සිදු නොකරන බවද අනාවරණය වී ඇත. මෙකී දිස්ත‍්‍රික්කවල වී කොළ එළවළ අන්නාසි අඹ ගස්ලබු මිරිස් හා එළවළු සම්බන්ධව සිදු කරනු ලැබූ නියැදි පරීක්ෂාවේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment