කෙටි විවේකයට නිමාවක් – මැතිව්ස් යළි පිටියට

415

ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් පසුගිය මාස කිහිපය තුළ කෙටි විවේකයක් ලබාගෙන සිටි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වීමට තමන් සූදානම් බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඒ අනුව මැතිව්ස් ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන මැතිව්ස් මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 90 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 218 කට ක‍්‍රීඩා කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ යළි එක්වීමේ අටියෙන් මැතිව්ස් සිය පෞද්ගලික පුහුණුවීම්ද පසුගියදා ආරම්භ කර තිබූ අතර එළඹෙන එල්පීඑල් තරගාවලිය සඳහා ද ඔහු ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇත.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment