කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාවට පවරන්නේ කුමන පදනමකින්ද

434
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාවට පවරන්නේ කුමන පදනමකින්ද

ලංකාවේ විශාලතම බලාගාරය වීමට නියමිත කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමෙරිකානු සමාගමක් වෙත පවරා දීමට වත්මන් දේශපේ‍්‍රමී ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ කිනම් පදනමකින් දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 වැනිදා* රජයෙන් ප‍්‍රශ්න කර සිටියේය.
 
 භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන 04කට අයිතිව තිබෙන මෙම යුගදනවි බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප‍්‍රමාණයක් නිව් ෆෝට්ට‍්‍රස් එනර්ජි නම් ඇමෙරිකානු සමාගම වෙත පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් සඳහන් කළ හෙතෙම අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් එම ඇමෙරිකානු සමාගමත් මේ වන විට ගිවිසුම් අත්සන් කර ඇති බවත් කීවේය.
 
 දේශපේ‍්‍රමී සළුපිළි පටලවා ගෙන පැමිණ, දේශපේ‍්‍රමී
 
 ගෝරනාඩුවක් කළ, ඇමෙරිකානු පුරවැසියන්ගෙන් ගහන වත්මන් ආණ්ඩුව – ඇමෙරිකානු පුරවැසි මුදල් ඇමැතිවරයා විසින් විශාලතම බලාගාරය ඇමෙරිකාවට පවරා දීම අවාසනාවන්ත කටයුත්තක් බවත් දිසානායක මහතා පැවසීය.
 
 රාජ්‍ය සමාගම්වලට අයිතිව ඇති මෙම යුගදනවි බලාගාරය වර්ෂ 2035 වන විට මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව ඇති බවත් සඳහන් කළ හෙතෙම මේ තත්ත්වය මත දේශීය සම්පත් විදේශ රාජ්‍යයන් වෙත නිකරුනේ අත්පත් වෙමින් පවතින බවත් හෙතෙම ආණ්ඩුවට චෝදනා කරමින් සඳහන් කළේය.
 
 විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් වන බව ඔබ දැන සිටියාද යන්න ප‍්‍රශ්නයක් ඇති බවත්, තම පක්ෂයට ලැබී ඇති තොරතුරු අනුව ඔහු පවා එකී කැබිනට් පත‍්‍රිකාව දකින්නේ අමාත්‍ය මණ්ඩල
 
 රැුස්වීමට වාඩි වූ පසුව බවත් හෙතෙම කීවේය. මෙය විෂය භාර ඇමැතිවරයාටත් කොළේ වසා ගැසූ ගේමක් බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා මේ සියල්ල පිටුපස ඇත්තේ කූට ජාවාරම් බවත් කීවේය.
 
 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 වැනිදා* එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


– සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment