කෙරවළපිටි බලාගාරය පැවරීමට එරෙහිව ලංවිම වෘත්තීය සමිති සන්ධානයෙන් උද්ඝෝෂණයක්

48

කෙරවළපිටිය විදුලි බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ වනවිට රටපුරා විරෝධතා කි‍්‍රයාමාර්ග කි‍්‍රයාත්මක කර ඇත. ඊයේ (29 දා) කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය කොල්ලූපිටිය විදුලි බල මණ්ඩල ශාඛාව ඉදිරිපිටදී පැවැත්විණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයාට භාරදීම සඳහා පෙත්සමක්ද අත්සන් කරන ලදී.

ඡුායාරූපවල දැක්වෙන්නේ ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජිත් ජයලාල් මහතා ඇතුළු වාත්තීය සමිති නියෝජිතයන් පෙත්සමට අත්සන් කළ අයුරු හා එම ශාඛාව ඉදිරිපිටදී උද්ඝෝෂණයේ යෙදුණු අයුරුයි.

ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment