කෙල්ලන්ගේ සැප ජීවිතෙන් රුවන්ති සල්ලං වෙයි

1147

රුවන්ති උඹ වගෙ ලස්සන කෙල්ලක් අපේ බෝඩිමට මීට කලින් ආවානම් අපි අද මෙහෙම නොවෙයි ඉන්නේ. උඹේ ලස්සන දැක්කම මොකාද වශී වෙන්නේ නැත්තේ අපට දැන් බයක් නැතිව හොඳට එන්ජෝයි කරන්න පුළුවන්.

මනෝරි මොනවද මේ දොඩවන්නෙ කියලා රුවන්තිට තේරුම් ගන්න බැරිව ගියා.

රුවන්ති කොළඹට ටිකක් දුර බැහැර පළාතක හැදිච්ච තරුණියක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට කොළඹ ආව රුවන්ති නුගේගොඩ පැත්තේ බෝඩිමක නතර වුණා. මේ බෝඩිමේ එක එක ජාතියේ කෙල්ලො හත් අට දෙනෙක්ම නතර වෙලා හිටියා. සමහරු රැකියා කරනවා. තවත් අය ඉගෙන ගන්නවා. රුවන්ති තමයි එතන හිටිය පුංචිම කෙල්ල.

මේ බෝඩිමේ හිටිය කෙල්ලො ටික බොහොම සුපිරි ජීවිතයක් ගත කරනවා කියලා තේරුම් ගන්න රුවන්තිට එච්චර කාලයක් ගත වුණේ නැහැ.

මේ අය හොඳට කනවා බොනවා. ඉස්තරම්ම ඇඳුම් අ`දිනවා. ඒ මදිවට මත්පැනුත් බොනවා. සමහරු රෑට කෙල්ලො ටික එකතුවෙලා මොනවද දුමක් උරණවා රුවන්ති දැක්කා.

කෙල්ලෙ උඹ දැන් ටික ටික අපේ වැඩවලට සෙට් වෙන්න ඕනෙ. මෙතන නිකන් කකා බිබී නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි හෙට අනිද්දා ඉඳලම වැඩ පටන් ගමු……

බෝඩිමේ නායිකාව වගේ හිටිය මනෝරි මොනවද කියන්නේ කියලා රුවන්තිට තේරුම් ගන්න ශක්තියක් තිබුණේ නැහැ. සමහර දාට රෑට මේ බෝඩිම ළ`ගට එක එක ජාතියේ මිනිස්සු වාහනවලින් යනව එනවා රුවන්ති හොඳට බලාගෙන හිටියා.

එයා මුල් දවස්වල හිතුවෙ බෝඩිමේ ඉන්න කෙල්ලන්ගෙ බෝයි ප්‍රෙන්ඞ්ලා ඇවිත් එයාලව අරගෙන යනවා කියලා.

ඒත් දවස් දෙක තුනක් යද්දි තමයි දැන ගත්තේ ඒ එන්නේ බෝඩිමේ කෙල්ලන්ගේ කස්ටමස්ලා කියලා.

දවසක් මනෝරි රුවන්තිට කතා කළා.

කෙල්ලේ අද ? අපි දෙන්නා පොඩි ගමනක් යන්න ඕනෙ. උඹ මාත් එක්ක යන්න එන්න ඕනෙ. මේක හරිම ජොලි ජොබ් එකක්. දවසක් දෙකක් කරද්දී මේකෙ රහ වැටෙනවා. ඊට ප්සසේ ඒක නතර කරන්න බැරි වෙනවා.

මනෝරි ඇගට පතට නොදැනෙන්න රුවන්තිට කිව්වා. එදා රෑ බෝ වෙද්දි බෝඩිම ළගට වෑන් එකක් ආවා. ඒ වෙන කොට මනෝරි හොඳට ඇඳ පැළඳගෙන හිටියේ. ගමේ ලැජ්ජා බයට හැඳිච්ච රුවන්තිටත් ඒ වෙනකොට ලස්සනට අන්දවල ලෑස්ති කර ගන්න මනෝරි කටයුතු කළා.

බෝඩිමේ කෙල්ලන්ගේ නියෝගවලට කන් නොදුන්නොත් බෝඩිමේ ඉඳලා විසුමක් නැති නිසා රුවන්තිත් ඒ අය එක්ක රවුමක් යන්න ලෑස්ති වෙලා හිටියේ.

කට්ටිය එළියට යන්න ඉස්සර මොනවදෝ උරන්න පටන් ගත්තා. කෙල්ලෙ මේක ටිකක් අරගෙන ගියාම අපට ඕනෙම දේකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් එනවා. අපි හැමදාම එළියේ වැඩවලට යද්දි මේව ටිකක් උරලා යන්නේ.

මනෝරි අයිස් මත්ද්‍රව්‍ය ටිකක් රුවන්තිට බලෙන්ම උරන්න දුන්නා. අගනුවර ගෙන්දගම් පොළවෙ වෙන දේවල් ගැන ඒ හැටි දැනුමක් තිබුණේ නැති නිසා අහිංසක රුවන්ති බෝඩිමේ කෙල්ලො කියන කියන දේවල් කළා.

එදා රාත‍්‍රිය පුරා වෙච්ච කිසි දෙයක් රුවන්තිට මතක නැහැ. තරුණියක් විදිහට බෝඩිමෙන් ගිය රුවන්ති එදා මධ්‍යම රාත‍්‍රියේ බෝඩිමට ආපහු ආවේ ගැහැනියක් විදියට.

පසුවදා උදේ බලද්දි රුවන්ති ඇ`දගෙන හිටිය ඩෙනිම් කලිසමේ සාක්කුවක රුපියල් දාහේ කොළ මිටියක් තිබුණා.

කේලලෙ දැන් පේනව නේද මේ ජොබ් එක කොච්චර ෂෝක්ද කියලා. සල්ලි හම්බ කරන එක කොච්චර ලේසිද කියලා.

රුවන්තිට හිතාගන්න බැහැ. පහුවදාත් කෙල්ලො සෙට් එක රුවන්ති එක්කගෙන වෑන් එකකින් කොළඹ වටේ රවුමක් ගියා. ඒත් එදා එයාලට වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ. කොළඹ අගනගරයේදී මේ සෙට් එකම පෙලිසියට කොටු වුණා.

සංචාරක ගණිකාවන් විදිහට ලේබල් වැදිලා හිටිය මනෝරි ඇතුළු තරුණියෝ ටිකට මැදිවෙච්ච අහිංසක රවැන්තිටත් එදා පොලිසියේ ලගින්න සිද්ධ වුණා.

ඒ වෙනකොට රුවන්ති අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වෙලා.

පුංචි කාලෙ ඉඳලා රැකගෙන ආව හැම දෙයක්ම රුපියල් ශත ඉදිරියේ එයා පූජා කරලා තිබුණා.

කරපු කියපු දේවල්වල බරපතළකම තේරුම් ගන්න කොට සිද්ධ වෙන්න ඕනෙ හැම දෙයක්ම රුවන්තිට වෙලා ඉවරයි.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment