කෙලීගේ ඉල්ලීම ඉවත දමයි

208

ගෝඨාගෝගම මුල් කරගෙන ශ්‍රී ලාංකීය පුරවැසියන් විසින් රජයට එරෙහිව දියත් කළ අරගල ව්‍යාපාරයේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම නිසා තමන්ට වහාම රටින් පිටවන ලෙසට ආගමන විගමන පාලකවරයා විසින් ලබා දුන් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලී ක්ලාසර් විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම

විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (16 දා) ප්‍රතික්‍ෂේප කළේය. 02 – පිටුවට

වෛi ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට පෙත්සම්කාරියට ලබා දී තිබූ වීසා බලපත්‍රය අවලංගු කර ඇයට පසුගිය 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙසට ආගමන විගමන පාලකවරයා නියෝග කර ඇත්තේ ඔහු සතු නීත්‍යනුකූල බලතල අනුව වන බැවින් එකී ක්‍රියාවලියට මැදිහත්වීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා එම නියෝගය කළේය.

ආගමන විගමන පාලකවරයා සතු එම නීතිමය බලයට තමා අභියෝග නොකරන නමුත් අරගලයට සාමකාමී අයුරින් මැදිහත්වීමේ කරුණු මුල්

කරගෙන ඇයව රටින් පිටුවහල් කිරීම ඉතාමත් අයුතු සහගත වන බැවින් ආගමන විගමන පාලකවරයාගේ එම නියෝගය අවලංගු කරන ලෙස පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment