කෙලී මිසිං: රැකවරණය දෙන අයත් සොයයි

271

අරගලයට සහාය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ ප්‍රචාරය කළ ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රෙසර්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන්ට එරෙහිවද කටයුතු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (18 දා) තීරණය කර ඇත.

කෙලී ප්‍රෙසර් තැනැත්තිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යැයි පවසමින් මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයේ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම නිසා ඇය සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක් කළේය.

එහිදී ඇයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු ඇයගේ වීසා අවලංගු කර පසුගිය සඳුදාට (15 දා) පෙර රටින් පිටුවහල් වන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි. එම නියෝගයට එරෙහිව ඇය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබුණි.

ඇය ඊයේ (18 දා) වනවිටත් රටින් පිටවීමට පියවර ගෙන නොතිබූ නිසා ඇය අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරකට යොමුකර පිටුවහල් කිරීමට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. ඇය රැඳී සිටින බවට හඳුනාගෙන තිබූ ස්ථාන කිහිපකට පොලිසිය ගොස් පරීක්‍ෂණ කර ඇතත් ඇය සිට නොමැත. ඇය කිසියම් තැනැත්තෙක් හෝ පිරිසක් රඳවාගෙන සිටින බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පෙනීගොස් තිබෙන අතර එවැනි රැකවරණයක් ලබාදෙන පිරිසට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කෙලී ප්‍රෙෂර් 2019 වසරේ සිට අවස්ථා කිහිපයකදී මෙරටට පැමිණ සහ විදෙශ් ගතවී ඇති බවද හෙළිවී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment