කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවී මාස එකොළහේ බිළිඳා මියගිහින්

340

කෙසෙල් ගෙඩියක කැබැල්ලක් හිරවීමෙන් අහංගම පොලිස් වසමේ ඇද්දුන්කැලේ පදිංචි මාස එකොළහක් වයසැති බිළිඳෙකු 12 දා දහවල් මිය ගොස් තිබේ.

කෙසෙල් කැබැල්ලක්  උගුරේ හිරවී  මාස එකොළහේ  බිළිඳා මියගිහින්

මෙසේ මියගොස් ඇත්තේ අහංගම පොලිස් වසමේ අංක 56, මැදගේට්ටුව, ඇද්දුන්කැලේ ලිපිනයේ පදිංචි ඩබ්. එච්. දනුෂ්ක මදුෂංක සහ තිළිණි සමන්තිකා යන දෙපලගේ මාස එකොළහක් වන චලන නිම්සර නමැති පිරිමි දරුවායි.

කෙසෙල් කැබැල්ලක්  උගුරේ හිරවී  මාස එකොළහේ  බිළිඳා මියගිහින්

ඉකුත් 12 දින ආහාරයට ගැනීමට ලබාදුන් කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවීම හේතුවෙන් මෙම දරුවා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.

මේ වනවිට දරුවාගේ සිරුර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යොමුකරනු ලැබ ඇත.

දරුවාට දීපු කෙසෙල් ගෙඩියක කෑල්ලක් උගුරේ හිර වුණා. අපි ඉක්මනින්ම දරුවා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කළා. පසුව දරුවා මියගොස් ඇති බව දැන ගත්තා යැයි දරුවාගේ මව වන තිළිණි සමන්තිකා මහත්මිය අප සමග පැවසුවාය. සිද්ධිය සම්න්ධයෙන් අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment