කෙසෙල් කිලෝව රු. 20ට බසී

244

අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාම පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් තම නිෂ්පාදන ද්‍රව්‍ය වෙළෙඳපල හා වෙළෙඳසැල්වලට ප්‍රවාහනය කරගත නොහැකි වීමෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවට මුහුණදී සිටිති.

විශේෂයෙන් ගෙවතු හා වගා බිම්වල වැවී පැසී ඇති කෙසෙල් කැන් එම ස්ථානවලම ඉදී කුණු වී යන තත්ත්වයක් උදාවී ඇත.

කොළඹ, ගම්පහ, කුරුණෑගල වැනි ප්‍රදේශ රාශියකින් අලව්වට පැමිණි තොග වෙළෙන්දෝ නොපැමිණීමෙන් ඇඹුල් සහ වතුපාලු කෙසෙල් කිලෝවක මිල රු. 20 දක්වා පහත බැස ඇත. මේ නිසා අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන්ගේ ආර්ථිකය කඩාවැටී ඇත. ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට රජයෙන් සුදුසු වැඩපිළිවෙළක් වහා සකසන්නැයි අලව්වේ ගොවීහු ඉල්ලා සිටිති.

නවතල්වත්ත අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment