කෙහෙළියට අධි චෝදනා භාර දෙයි

192

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට ඊයේ (28 වැනිදා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී අධිචෝදනා භාරදීම සිදු කෙරිණි. 02-පිටුවට

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 30,000 බැගින් වූ මුදල් හා රුපියල් 350,000 බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට ද විනිසුරුවරයා නියොග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් 230,984.45 වැය කර ජනාධිපති කාර්යාල චක්‍රලේඛයන්ට පටහැනිව ගෙවීමට පෙළඹවීමෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිෂන් සභාව ිවිසින් එම නඩුව පවරා තිබිණි. එම නඩුව ලබන නොවැම්බර් 3 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් අයුතු සහගත, නීති විරෝධී හෝ අර්ථ ලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සිදුකිරීමේ චේතනාවෙන් ආණ්ඩුවට පාඩුවක් සිදුවන බව දැන දැනම එලෙස කටයුතු කළේ යැයි ද ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට චෝදනා නඟා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment