කෙළින්ම ඉන්ධන ගන්න ලංවීම අවධානය

147

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා නොව පිටරටවලින් කෙළින්ම තෙල් මිලට ගැනීම සඳහා ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අවධානය යොමුකර ඇත.

 මේ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුකර තිබේ.

 විදුලි බල උත්පාදනය හරහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර ගැටුම් පවතී. තෙල් අවශ්‍ය නම් තමන් වෙතින් ඒවා ලබා ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පසුගියදා විදුලි බල මණ්ඩලයට දැන්වීමක් ද කරන ලදී. මේ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත් රටේ ඇතිවිය හැකි විදුලි කප්පාදුව මගහැර ගැනීම සඳහා පිට රටින් ඉන්ධන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය අපේක්ෂා කර ඇත. මෙහිදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ලබා දීමට නියමිත විශේෂ ණය පහසුකමෙන් ඩොලර් මිලියන 500ක මුදලක් යොදා ඉන්දියානු ඔයිල් සමාගමෙන් තෙල් ලබා ගැනීම විදුලි බල මණ්ඩලයේ අදහස වී තිබේ.

 ශ‍්‍රී ලංකාවේ විදුලි බල සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මසකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක තෙල් ශ‍්‍රී ලංකාවට අවශ්‍යය.

advertistmentadvertistment
advertistmentadvertistment