කෙළ ගැසීම දුරදිග ගොස් අම්මාගේ ජීවිතය නැති වෙලා

315

එගොඩඋයන ප‍්‍රදේශයේදී කෙළගැසීමේ සිද්ධියකට අදාළව දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් නැවැත්වීමට ගිය ආච්චි අම්මා කෙනකු තල්ලූ කිරීම හේතුවෙන් ඇය මරුමුවට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එගොඩඋයන, ධර්මබන්දු මාවත පදිංචිව සිටි රංජනී ඉන්ද්‍රාණි ප‍්‍රනාන්දු නමැති 71 හැවිරිදි වයෝවෘද්ධ මාතාවකි. මියගිය කාන්තාවගේ දුව සහ බෑනා තවත් අසල්වැසි නිවසක පාර්ශ්වයක් සමග ආරවුලක් ඇති කරගෙන තිබේ. එහිදී එම ආරවුල නැවැත්වීමට ගිය අවස්ථාවේ අසල්වැසි නිවසක පුද්ගලයකු එම වයෝවෘද්ධ කාන්තාව තල්ලූ කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ වයෝවෘද්ධ කාන්තාව සිහි නැතිවීම හේතුවෙන් පිරිස ඇය පානදුර රෝහලට රැුගෙන යෑමේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බවට පවසා ඇත. පසුව මෙම සිද්ධියට අදාළව අසල්වැසි නිවසක පදිංචි 41 හැවිරිදි දෙදරු පියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මේ පිළිබඳ එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප‍්‍රබෝධ, පොලිස් සැරයන් කුමාර (9203* යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment