කේක්වලින් නළු නිළියෝ පිස්සු වට්ටන කොල්ලා

402

මගේ කේක් කපන්න ලෝභයිලූ… – විජිත කුමාර



 අපි හැමදාම ඔයාලට කිව්වේ නළු නිළියන්ගේ වතගොත. එහෙමත් නැතිනම් ඔවුන් රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය” චිත‍්‍රපට” වේදිකා නාට්‍ය ගැන. මොකද ඒ තරමට ඔයාලා නළු නිළියන්ට ආදරය නිසා. හැබැයි අද අපේ කථානායකයා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. හැමදාම නළු නිළියන්ට පිස්සු වැටිලා ඔවුන්ගේ ජීවිතයේ දේවල් හෙව්වනේ. අද අපේ කථානායකයාට නළු නිළියෝ පිස්සු වැටිලා ඉන්නේ. මේ දවස්වල නළු නිළියන්ගේ උපන් දිනවල මේ චරිතය හරි හරියට දකින්න ලැබෙනවා. ඒ වෙන මොකක්වත් නින්ද නෙමෙයි නළු නිළියන්ගේ උපන් දින සාදවලට නළු නිළියන් පිස්සු වැටෙන විදිහට කේක් හදන හින්දා. හැබැයි කේක් කිව්වහම ඔයාලට මතක් වෙන්නේ වළලූ දාපු අතක්. මෙයා නම් එහෙම කෙනෙක් නෙවෙයි. මෙයා නළු නිළියන් පිස්සු වැටෙන කේක් හදන විජිත කුමාර.

 මම දැන් කේක් හදන්න පටන් අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා. මම මීට කලින් ලංකාවේ කේක් සම්බන්ධ ප‍්‍රසිද්ධ ආයතනයක අවුරුදු 19 ක් වැඩ කළා. ඒ කාලයේ මම හිතුවා මට මගේම කියලා දෙයක් පටන්ගන්න ඕනෑ කියලා.

 නළු නිළියන්ට විතර ද කේක් හදන්නේ?

 නැහැ නැහැ. මම ඕනෑම කෙනෙකුට කේක් හදනවා. හැබැයි පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ සහෝදර කලාකරුවන්ගේ වැඩ මම ගොඩක් කරනවා. ගොඩක් අය මගේ ළඟට එන්න බයයි. මොකද මම වැඩ කරන්නේ අපේ සහෝදර කලාකරුවන්ට විතරයි කියලා. එහෙම නැහැ. මම ඕනෑම කෙනෙකුට කේක් හදනවා.

 නම් වශයෙන් කලාකරුවන්ගේ නම් සඳහන් කරන්න අමාරුයි. මම හැමෝටම වගේ වැඩ කරලා තියෙනවා. හැමෝම මට කතා කරනවා. ගොඩක් වෙලාවට දිනක්ෂි” සාරංග” රොෂාන් පිලපිටිය” රොෂාන් රණවන” පුබුදු – මාෂි වගේ ගොඩක් දෙනෙක් මට කතා කරනවා. මගේ නමට වඩා ගොඩක් නළු නිළියන්ගේ පාටිවලදී තමයි මාව කවුද කියලා අඳුර ගන්නේ. මොකද මම හදපු කේක් එකක් කියලා දැනගන්නේ එතකොටනේ.

කේක්වලින් නළු නිළියෝ පිස්සු වට්ටන කොල්ලා



 මාව මුලින්ම කලාකරුවන් අතරට ගෙනියන්නේ සචිනි දිල්හාරා. ඇය මට කතාකරලා කියනවා ලවන් අභිෂේක්ගේ උපන්දින කේක් එක කරන්න කතා කරනවා කියලා. ඒ උපන්දින කේක් එක කළාට පස්සේ මාව යම්කිසි සුළු කලාකරුවන් පිරිසක් හඳුන ගන්නවා. ඊට පස්සේ මට ආරාධනයක් ලැබෙනවා දිනක්ෂිගේ අම්මාගේ උපන්දින කේක් එක කරන්න. එතැනින් පස්සේ මාව ගොඩක් දෙනෙක් හඳුන ගන්නවා. ඒ මාර්ගයෙන් මට ලංකාවේ ඉන්න ගොඩක් කලාකරුවෝ කතා කරනවා. රොෂාන් පිලපිටිය” රොෂාන් රණවන” උනෙල්ල ප‍්‍රනාන්දු” කෝකිල පවන් වගේ ගොඩක් දෙනෙක් මට කතා කරනවා.

 අන්තිමේ ඒ වැඩෙන් පස්සේ රොෂාන් පිලපිටිය අයියාගේ බබාගේ කේක් එකත් හදන්න මට කතා කරනවා. එදා වැඩෙන් පස්සේ සංගීතා වීරරත්න මට කතා කරනවා. ඔහොම ඔහොම මට කලාකරුවෝ නිතර නිතර කතා කරන්න පටන් ගන්නවා. ඔවුන් ගොඩක් කැමැති මගේ කලා හැකියාවට. මොකද ඔවුන්ට මම වැඩිපුර දෙයක් ඔවුන්ගේ කෙක්් එකට නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඔවුන් හරි ආසයි මගේ මේ හැකියාවට. කිසිම කලාකරුවෙක් කේක් එක හදාගෙන මාව අමතක කරන්නේ නැහැ. මගේ තියෙන අවංකකමට ඔවුන් මට ආදරේ කරනවා. නිතර නිතර ඔවුන් මට කතා කරනවා.

 මම ආසයි හැම තිස්සේම අලූත් දෙයක් කරන්න. කවුරු හරි කෙනෙක් මට කතාකරලා කිව්වොත් නිමන්ත මේක කරලා දෙන්න කියලා මම ඊට වැඩිය අලූත් යමක් එකට එකතු කරනවා. කවුරුත් කරපු දෙයක් කරන්න මම කැමැති නැහැ. මට ඕනෑ අලූත් දෙයක් කරන්න.

 කේක් එකක් හදන කොට පාට ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. මම පාට ගැන විශේෂ අවධානයක් යොමුකරනවා. ඒ වගේම අවසානයේ තියෙන පිළිවෙළ. ගොඩක් අය කේක් හදනකොට රහ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම ඒ ගැනත් විශේෂ අවධානයක් යොමු කරනවා. මම හදන කේක් අරගෙන යන ගොඩක් කලකාරුවෝ කියන්නේ අපිට මේ කේක් එක කපන්න ලෝභයි. මේක තව ටිකක් තියාගන්න බැරිද කියලා.

 මම කොළඹට එන්න කලින් නිර්මලා රාමනායක කියලා ගුරුතුමිය ළඟ කේක් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා. ඒ දෙදහ වසරේ. ඊට පස්සේ මගේ අක්කා මාව කොළඹට ගෙන යනවා. එතකොට අක්කත් ගෙදර කේක් හදනවා. මම අක්කගෙනුත් යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා. අන්තිමේ අක්කා මාව ලංකාවේ ප‍්‍රසිද්ධ කේක් නිර්මාණ ශිල්පියෙක් ළඟට යොමුකරනවා. ඔරෙන්සි සිරිවර්ධන කියලා. කොටහේනේ හෙලන් මදනායක මිස්ගෙනුත් මම ඉගෙන ගන්නවා. ඇය ළඟත් අවුරුදු දෙක තුනක් වැඩ කරනවා. ඊටත් පස්සේ තමයි මම මුලින් කිව්ව ලංකාවේ ප‍්‍රසිද්ධ කේක් ආයතනයකට සම්බන්ධ වෙන්නේ. මම ඒ ආයතනයට සම්බන්ධ වෙන්නේ අත් උදව්කාරයෙක් විදිහට. මම ඒ ආයතනයෙන් එළියට එන්නේ චෙෆ් කෙනෙක් විදිහට. ඔය අතරේ මම අබුඩාබි හිල්ටන්” කුපෝන් පැරිස්වල වැඩ කරලත් තියෙනවා. ඒ වයේ අත්දැකීම් තමයි අද මම භාවිත කරන්නේ. කොහොමින් කොහොමින් හරි මම ආපු ගමන එතරම් සුන්දර නැහැ. ඒක හරිම කටුක අත්දැකීමක්. අන්තිමේ මාව අද නළු නිළියන්ට නැතිවම බැරි වෙලත් තියෙනවා.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment