කේරළයේ කොරෝනා ආසාදිතයන් 149 දෙනෙක්‌ සියදිවි නසාගෙන

214

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන ප‍්‍රාන්තය වන කේරළ ප‍්‍රාන්තයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 149 දෙනකු සිය දිවි නසාගෙන ඇති බව ප‍්‍රාන්තයේ සෞඛ්‍ය ඇමැතිනි වීනා ජෝර්ජ් පවසා තිබේ. කොරෝනා ආසාදනය හේතුවෙන් හටගෙන ඇති විවිධ ගැටලූ හේතුවෙන් මෙම පිරිස සිය දිවි නසාගෙන ඇති බව අනාවරණය වී තිබේ. කේරළ ප‍්‍රාන්ත සභාවේ ප‍්‍රශ්න ඇසීමේ වේලාවේදී මන්ත‍්‍රීවරයකු නැ`ගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පවසා තිබේ.

කේරළ ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදනයට ගොදුරු වී සිටි ගැබිනි මවුවරුන් 41 දෙනකුද ඉකුත් වසර එකහමාරක කාලය තුළදී ආසාදනයෙන් මියගොස් ඇති බව ඇමැතිනිය විසින් සඳහන් කර තිබේ.

විදෙස්‌ පුවත් සංස්‌කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment