කේරළ යන්න මාරියා දියඹට බසියි

111

27 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙල 2022 සඳහා තේරී පත්වූ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ මාරියා සිංහල චිත්‍රපටය මෙම මස 14 වැනිදා කේරළයේදී තිරගත වේ. එම උළෙලට සහභාගී වීම සඳහා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන , නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා , රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා, සංස්කරණ ශිල්පී ඩිලන්ත පෙරේරා, නිෂ්පාදන කළමණාකරු ගිහාන් පෙරේරා යන මහත්වරුන් ඊයේ (8 වැනිදා) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය. 27 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙල අද සිට එළැඹෙන 16 වැනිදා දක්වා පැවැත්වේ.

කේරළ යන්න මාරියා දියඹට බසියි

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නිකිණි වැස්ස චිත්‍රපටය ද මීට පෙර 2012 වසරේදී මෙම සම්මාන උළෙලට තේරී පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment