කේරළ වැසියකු අයි ෆෝන් දුරකථනයක් ඇණවුම් කළ විට සබන් කැටයක් එවලා

785

අන්තර්ජාලය ඔස්සේ ඇමේසන් වෙබ් අඩවියෙන් ඉන්දීය රුපියල් 70,000 ක් ගෙවා ‘අයි ෆෝන්’ ජංගම දුරකථනයක් ඇණවුම් කළ ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්ත වැසියෙකුට ඇනවුම් කළ ස්ථානයෙන් ජංගම දුරකථනය වෙනුවට සබන් කැටයක් හා ඉන්දීය රුපියල් පහේ කාසියක් ඒවා ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඇමේසන් වෙබ් අඩවිය ඔස්සේ නිරතුරුව භාණ්ඩ ඇනවුම් කර මිල දී ගන්නා පාරිභෝගිකයෙකු වන නුරුල් අමීන් විසින් ඉකුත් ඔක්තෝබර් 12 වැනිදා ඔහු සතුව පවතින ‘ඇමේසන් පේ’ කාඞ්පතෙන් මුදල් ගෙවා අදාළ අයි ෆෝන් දුරකථනය ඇනවුම් කර තිබිණි. කෙසේ වුවද ඔහුට 15 වැනිදා ලැබී ඇත්තේ සබන් කැබැල්ලක් හා ඉන්දීය රුපියල් පහේ කාසියකි.

මෙම සිද්ධියට මුහුණ දුන් අමීන් පවසා ඇත්තේ ඇමේසන් වෙබ් අඩවියෙන් භාණ්ඩයක් ඇණවුම් කළ විට හයිද්‍රාබාද් නගරයේ සිට කේරළයේ ‘කොචි’ නගරය වෙත එය ලැබීමට සාමාන්‍යයෙන් දින 02ක පමණ කාලයක් ගත වුවද තමාට එවා ඇති පාර්සලය ලැබුණේ දින 03ක කාලයකින් බවයි. මෙහිදී එම පාර්සලය හයිද්‍රාබාද් නගරයේ සිට පැමිණීමේදී සලෙම් නගරයේ දිනක කාලයක් රැුඳී තිබීම සැක සහිත බව ඔහු කියයි. එම පාර්සලය ලැබුණු පසුවද එය ගෙනැවිත් භාර දුන් ඇමේසන් ආයතනයේ නියෝජිතයා ඉදිරිපිටදීම එය ගලවා බැලූ බවත් පවසා ඇති අමීන් එහෙත් පාර්සලයේ තිබී ඇත්තේ ‘වීම්’ වර්ගයේ සබන් කැටයක් එම සබන් වර්ගයෙන් කැබැල්ලක් හා ඉන්දීය රුපියල් පහේ කාසියක් පමණක් බව සඳහන් කර තිබේ. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ පසු සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අමීන් විසින් ඇනවුම් කරන ලද ජංගම දුරකථනය ඔහු එය ඇනවුම් කිරීමට පෙර සිටම එනම් සැප්තැම්බර් 25 වැනිදා සිට ජර්කාන්ඞ් ප‍්‍රදේශයේ අයෙකු විසින් භාවිත කරමින් සිටින බවයි. මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment