කේරළ සිනමා උළෙලට කෙස් වැටියක් යැවූ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරිය

277

27 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙල මේ දිනවල පැවැත්වේ. මෙම සම්මාන උළෙලේදී අපූරු සිදුවීමක් සිදුවිය. ඒ මෙම සම්මාන උළෙලේ දී සිනමාවේ ආත්මය (The Spirit of cineme) සම්මානය හිමිවිය. 47 හැවිරිදි වියේ පසුවන මානාස් මොහොමඩ් ඉරානයේ විප්ලවීය කාන්තා සිනමා අධ්‍යක්ෂිකාවකි. එහෙත් ඇයට එම සිනමා උළෙල නියෝජනය කිරීම ඉරාන රජය විසින් තහනම් කර ඇත. මෙයට හේතු වී ඇත්තේ ඇය අන්තවාදී ඉරාන ආගමිකයන් නිසා එරට කාන්තාව මුහුණ දී තිබෙන ගැටලු සිය නිර්මාණවලින් ලොවට ගෙන ඒමයි. මීට පෙරද ඇයට විදෙස්ගතවීම තහනම් කර තිබෙන අතර කිහිපවරක්ම ඇය සිරගත කරද ඇත.

කේරළ සිනමා උළෙලට කෙස් වැටියක් යැවූ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරිය

27 වැනි කේරළ සම්මාන උළෙලට යෑමට නොහැකි වූ තැන ඇය සිය කෙස් වැටියෙන් කොටසක් කපා උළෙලේ සංවිධායකයන්ට යවා ඇත.

ඇය වෙනුවෙන් සම්මානය භාරගත් ඇතීනා රේෂල් සංගාරී නරඹන්නන්ට ඇයගේ කෙස් වැටියේ කොටස පෙන් වූ විට ප්‍රේක්ෂකයන්ගෙන් නොනවතින අත්පොළසන්නාදයක් ඇසී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment