කේලමක් මිනී මරයි

175

රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ දි ඊයේ (26දා) රාත්‍රි මවකට සහ දියණියකට ඥාතියකු විසින් පිහියකින් ඇණ ඇති අතර පිහි ඇනුමෙන් දියණිය මියගොස් මව බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.

ප්‍රේම සම්බන්දතාවයක් නිසා ඇතිවු කේලමක් ඇසිම සදහා සැකකරු විසින් මෙකි මව සහ දියණිය පදිංචිව සිටි නිවසට ඊයේ රාත්‍රි ගොස් ඇත. එහිදි ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් මෙම පිහි ඇනුම වි ඇති බව පොලිසිය පවසයි.
පිහි ඇනුමට ලක්විමෙන් ඝාතනය වි ඇත්තේ බාදුරාකඩ ශ්‍යාමලි (20) නැමති රත්ගමල ඕවකන්ද ප්‍රදේශයේ පදිංචි එක් දරුමවකිග ඇයට අවුරුදු දෙකක දරුවෙකු සිටින බව පොලිසිය පවසයි. පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබු මව 42 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි.
සැකකාර පුද්ගලයා රත්ගම ප්‍රාදේශිය සභාවේ සේවය කරණ 55 හැවිරිදිවියේ පසුවන සුළු සේවකයෙකි. සැකකරුගේ 17 හැවිරිදි පුත්‍රයා ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියාගේ නැගණිය සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය විසින් සිදුකරණු ලැබු විමර්ශන වලදි අනාවරණය වි ඇත. ප්‍රේම සම්බන්දතාවය සම්බන්දයෙන් කියනු ලැබු කේලමක් ඇසිම සදහා සැකකරු මෙකි නිවසට ගොස් ඇත. එහිදි ඇතිවු ගැටුමක් දුරදිග ගොස් සැකකරු විසින් මවට හා දියණියට පිහියකින් ඇන ඇත.
මෙකි සිද්ධිය සම්බන්දයෙන් සැකකරු අද (27) උදැසන අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සදහා යොදාගත් පිහියද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment