කොංග‍්‍රස් ගොඩනැ`ගිල්ල අල්ලා ගත් පිරිසට සහාය පළ කරමින් වොෂිංටනයේ විරෝධතා

283

ඉකුත් ජනවාරි මස 06 වැනිදා වොෂිංටන් නගරයේ පිහිටි ඇමෙරිකානු කොංග‍්‍රස් ගොඩනැ`ගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී කලබල සිදු කළ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන්ට සහය පළකිරීම සඳහා සිය ගණනක් වූ ඇමෙරිකානුවන් පිරිසක් විසින් පෙරේදා (18දා) විරෝධතා පාගමනක නිරත වී තිබේ. කෙසේ වුවද එම විරෝධතාවය මැ`ඩලීම සඳහා රැුස්ව සිටි පොලිස් නිලධාරීන්ගේ හා එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටි ජනමාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබූ බව වාර්තා වේ.

සංවිධායකයන් විසින් මෙම විරෝධතාවය සඳහා සහභාගි වීමට 700 දෙනකුට අවසරය ලබා දී තිබුණද එයට පැමිණ සිට ඇත්තේ උද්ඝෝෂකයන් 100-200 අතර සංඛ්‍යාවකි. මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූවන් ආරක්ෂක කලාපයට ඇතුළු වීම වැළක්වීම සඳහා වොෂිංටන් නගරය වටා ආරක්ෂක වැටක් ඉදිකර තිබූ අතර නගරයේ ආරක්ෂාව දැඩි කර තිබිණි. විරෝධතාවය අමතා කතා කළ දේශකයන් පවසා ඇත්තේ ඉකුත් ජනවාරි 06වැනිදා වොෂිංටන් නගරයේ කොංග‍්‍රස් ගොඩනැ`ගිල්ල සියතට ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත් කැරළිකරුවන් කිසිදු හිංසනකාරී ක‍්‍රියාවක් සිදු නොකළ දේශපාලන සිරකරුවන් පිරිසක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment