කොකාවිල්වල දිවිදෙන විල්පත්තුවට

138

මුලතිව් කොකාවිල් මාර්ගයේ ළඳු කැළෑවක මන්දකට හසු වී සිටි දිවියකු වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් බේරා ගෙන තිබේ.

පළාතේ දඩයක්කාරයන් විසින් වන සතුන් අල්ලා ගැනීම සඳහා අටවන ලද උගුලක මෙම දිවියා හසු වී සිටි බව වන ජීවී නිලධාරීන් සඳහන් කරයි. මෙසේ මන්දකට හසුව සිටියේ දිවි වර්ගයේ ඉතාම දුර්ලභ ගැහැණු සතෙකු බවද නිලධාරීන් ප‍්‍රකාශ කළේය. මන්දට හසුවීම නිසා තුවාල ලබා සිටි දිවියාට ප‍්‍රතිකාර කළ වන ජීවී නිලධාරීන් දිවියාව විල්පත්තු කැළයට මුදා හැර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment