කොග්ගලට අවශ්‍ය කාබනික පොහොර ටොන් 150න් 110ක් නිපදවා අවසන්

180

කොග්ගල ගොවිජන සේවා බල ප‍්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑපහක ප‍්‍රමාණයක් මේ වනවිට නිෂ්පාදනය කොට ඇති බැව් කොග්ගල ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරී කේ.ජේ.කේ. තුෂාර මහතා පවසයි.

තම බල ප‍්‍රදේශයේ ගොවීන් දැඩි උනන්දුවෙන් යුතුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇති බවද කොග්ගල ගොවිජන සංවර්ධන නිලධාරිවරයා පෙන්වා දෙයි. කොග්ගල ගොවිජන සේවා බල ප‍්‍රදේශය තුළ ගොවීන් 700ක් පමණ වගා කටයුතුවල නිරත වන අතර සෑම ග‍්‍රාම නිලධාරි වසමකම ගොවීන් තම වගා කටයුතු සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

ගොවීන්ට අමතරව විශ‍්‍රාමික ගුරුවරුන්” රජයේ නිලධාරින් හා ග‍්‍රාම නිලධාරින් ද කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට යොමුවී ඇති අතර මේ වනවිට කොග්ගල ගොවිජන සේවා බලප‍්‍රදේශය තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුවන බවද ගොවිජන සංවර්ධන නිලධාරිවරයා පෙන්වාදෙයි. කාබනික පොහොරවලට අමතරව දියර පොහොර ද ගොවීන් විසින් නිෂ්පාදනය කොට ඇති අතර මෙවර යල කන්නයේ දී ඇතැම් ගොවීන් කාබනික හා දියර පොහොර භාවිත කොට ඉතා සාර්ථක වී අස්වැන්නක් ලබාගෙන ඇති බවද ගොවිජන සංවර්ධන නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment