කොග්ගලදී කාර් එකක් දුම්රියේ හැපී දෙදෙනෙක් මියයති

293

කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ (16 දා) දහවල් කොග්ගල ප්‍රදේශයේ දී මෝටර් රථයක්

ගැටීමෙන් එහි ගමන් ගත් කාන්තාවක සහ පිරිමි අයකු මිය ගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අහංගම වැල් හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ පිරිමි අයෙකි. මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් පසු එය දුම්රියේ පැටලී මීටර් අටසීයක් පමණ දුරට ඇදීගෙන ගොස් ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනයට ගොස් මාළු ද රැගෙන ආපසු සිය නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment