කොටකෙතන ඝාතනයට 4 දෙනෙක් එල්ලුම් ගස්

550

පුද්ගලයකුගේ ශරීර ස්ථාන කිහිපයකට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් සිවුදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (01 දා) මරණීය දණ්ඩනය නියම කළේය.

එලෙස මරණීය දණ්ඩනය නියම කළ විත්තිකරුවන් සිවුදෙනා අතරින් සිවුවන විත්තිකාර මොහොමඩ් රාසික් මොහොමඩ් ඉම්රාන් නමැත්තා මේ වනවිට අධිකරණය මඟහැර පලා ගොස් ඇති බැවින් ඔහු දුටුතැන අත්අඩංගුවට ගැනීමට ද මහාධිකරණ විනිසුරුවරයා විවෘත වරෙන්තු නිකුත් කළේය.

2003.06.07 වැනිදා කොටකෙතන ප්‍රදේශයේදී මොහොමඩ් කුවින්ටන් ජෙරම් නමැත්තාගේ ඝාතනය සිදුකිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන් සිවුදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment