කොටදෙණියාවේ දරුවෝ දෙදෙනෙක් අතුරුදන් – සොයාගන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

353

කොටදෙණියාව පොලිස් වසමේ බත්තරමුල්ල බාඳුරාගොඩ පදිංචි අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයිද ඔවුන්  සොයාගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බවද කොටදෙණියාව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇති දරුවන් දෙදෙනා වන්නේ අංක 136/03, වත්තේමුල්ල, බාදුරාගොඩ ලිපිනයේ පදිංචිව සිටි ජේ. ඒ. අකිල දේදුනු (12) සහ 2 වන සැතපුම් කණුව, කොළබෝවත්ත, පස්සර ලිපිනයේ පදිංචිව සිටි කවීෂ සඳකැලූම් (10) දරුවන් දෙදෙනාය.

පස්සර ප‍්‍රදේශයේ පදිංචි දරුවා බාදුරාගොඩ පිහිටි ඔහුගේ ඥාති නිවසට පැමිණ සිටියදී අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින සිදුවූ දුරකථන ඇමතුම් සහ සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇති නමුත් මෙම කිසිදු දත්තයකින් දරුවන් අතුරුදන් වී ඇති බවට පිළිගත හැකි සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

එම නිසා මෙම දරුවන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසියම් සැකයක් ඇති බව කොටදෙනියාව පොලිසිය පවසයි.

මෙම දරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් මස 23 වැනිදා සිට ආගිය අතක් නොමැති බව ඔවුන්ගේ භාරකරුවන් විසින් කොටදෙණියාව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ අතුරුදන් වී ඇති එක් දරුවකු වන දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් (10* අඩි 4 ක් පමණ උස තලෙළු කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත්දෙකක් වැටී ඇත. අවසන් වරට ඔහු නිල්පාට ටීෂර්ට් එකක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමක් හැඳ සිටියේය.

ඇතුරුදන් වී ඇති අනෙක් දරුවා ජයසේකර මුදලිගේ අකිල දේදුණු (12* උස අඩි 04 යි අ`ගල් 10 ක් පමණ වේ. තලෙළු කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත. අවසන් වරට නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක් ඇඳ සිට ඇත.

අප මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා දරුවන් අතුරුදන් වූ බව කියන නිවසට ගිය අතර එහිදී දරුවන්ගේ මව බව කියා ගන්නා ලද කාන්තාවක් පවසා සිටියේ මෙම දරුවන් ළඟම ස්ථානයක සඟවා ඇති බවට දේවාලයකින් පවසා ඇති බවත් මාධ්‍යයට තොරතුරු අනාවරණය වුවහොත් තම දරුවන්ට අනතුරක් සිදුවන බවත් දේවාලයෙන් පැවසූ බවයි. ඒ නිසා මාධ්‍යයට තොරතුරු ලබාදීමෙන් මෙම කාන්තාව වැළකී සිටි අතර තොරතුරු වාර්තා කිරීමට ගිය අප හට දැඩි දෝෂාරෝපණයක් ද එල්ල කරන ලදී.

මෙම දරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති 0718591634 හෝ කොටදෙණියාව පොලිස් ස්ථානයේ 0332240050 හෝ 0332272222 අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී. මොවුන් දෙදෙනා පිළිබඳව ඊයේ (13දා* වන විටත් තොරතුරක් ලැබී නොමැති අතර කොටදෙණියාව පොලිසිය දරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

චමින්ද සිල්වා සහ කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment