කොටස් වෙළෙඳපොලේ පසුබෑමක්

268

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකයන්වල ශීඝ‍්‍ර පහළ යෑමක් ඊයේ (08 දා) වාර්තා විය.

මේ අනුව සියලූ කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඊයේ සියයට 3.61 කින් හෙවත් ඒකක 328.53 කින් පහළ ගියේය. මේ අනුව ඊයේ දිනය අවසානයේ දී සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8,764.21 ක් ලෙස සටහන් විය.

පසුගිය දින කිහිපය පුරාවට ශීඝ‍්‍ර මිල වර්ධනයක් වාර්තා කරන ලද සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහළ යෑම මෙසේ සියලූ කොටස් මිල දර්ශකය පහළයෑම කෙරෙහි වැඩි වශයෙන් බලපාන ලදී.

එසේම ඊයේ දිනයේ රු. බිලියන 10.43 ක ගනුදෙනු පිරිවැටුමක්ද වාර්තා විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment