කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක්

151

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක් සිදුවීම නිසා ඊයේ (21දා* කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ප.ව. 1.44ට පැය භාගයක කාලයක් සඳහා අත්හිටවනු ලැබීය.

කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්‍ෂව සියයට 5 ක ප‍්‍රමාණය ඉක්මවා පහළ යෑම මෙයට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන විට එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා මිල දර්ශකය ඒකක 207.60 කින් පහත වැටී තිබිණි. මේ අනුව පැය භාගයක කාලයකින් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු යළි ප.ව. 2.14ට ආරම්භ විය.

ගනුදෙනු අවසානයේ ඊයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ගිය සිකුරාදා පැවති ඒකක 12134.04 සිට ඒකක 11591.37 දක්වා සහ එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා මිල දර්ශකය ගිය සිකුරාදා වාර්තාවූ ඒකක 4140.65 සිට ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට ඒකක 3932.76 දක්වාද පහත වැටී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment