කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම බිලියන 3 පසු කරයි

108

බොහෝ කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම ඊයේ (04) රුපියල් බිලියන 3 සීමාව පසු කළේය.

මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී ඊයේ රුපියල් බිලියන 3.79ක ගනුදෙනු පිරිවැටුමක් සටහන් විය. එසේම ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 149.00 කින් ඉහළ ගොස් ඒකක 8,229.14 ක් හා එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 91.62 කින් ඉහළ ගොස් ඒකක 2,677.67ක් ලෙස වාර්තා විය. මෙය පිළිවෙළින් පෙර දිනයට සාපේක්ෂව සියයට 1.84 ක හා සියයට 3.54 ක වර්ධනයකි.

මෙම කොටස් මිල දර්ශක ඉහළ යාම සඳහා සමාගම් 114ක් ම ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත. සියලු කොටස් මිල දර්ශකය ඒකක 100ක් ඉක්මවා අඛණ්ඩව තෙවන දිනටත් වර්ධනය වීම විශේෂත්වයකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment