කොටස් වෙළෙඳපොළ ඊයේ අතරමග නවතී

108

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඊයේ (13 දා) පස්වරු 12.13 සිට අඩාළ වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ එස්එල්ටී ඬේටාසෙන්ටර්හි දෝෂයක් මීට හේතු වී ඇති බවයි.

මේ හේතුවෙන් කොටස් තැරැව්කරුවන්ගේ පද්ධති මන්දගාමී වී ඇති අතර මේ තත්ත්වය නිසා ප. ව. 12.13 සිට ප.ව. 1.10 දක්වා පැයකට අධික කාලයක් කොටස් වෙළෙඳපොළ නවත්වා ඇත.

එක් තැරැුව්කාර සමාගමකට තාක්ෂණික අපහසුතාවක් මත කොටස් වෙළෙ`දපොළ ගනුදෙනු පද්ධතිය සමඟ සම්බන්ධ වීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය අගෝස්තු 16 වැනිදා ද පෙරවරු 11.00 ට ආරම්භ කිරීමට නොහැකි විය. එහිදී පැයකට අධික කාලයක් යනතුරුත් එය යථා තත්ත්වයට පත් නොවුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


 

advertistmentadvertistment
advertistmentadvertistment